දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (6දා) අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ එළවළු තොග මිලට සාපේක්ෂව සියයට 40 කින් පමණ මිල අඩු වීමක් දක්නට තිබේ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ පලතුරු වර්ග වැඩි වශයෙන් මෙදින ලැබී තිබීම විශේෂත්වයකි.
කෙසෙල් සහ මිදි ඒ අතර වෙයි, යාපනය අර්ධධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිවශයෙන් මෙදින මිදි තොග ලැබී තිබීම විශේෂත්වයක් වන අතර හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300 ක මිලකට අලෙවි වෙද්දී මධ්‍යම ප්‍රමාණයේ මිදී කිලෝවක තොග මිල වූයේ රුපියල් දෙසීයක් බව වෙළෙන්දෝ පවසති.
පිටස්තර දේශවලින් පැමිණි වෙළෙන්දන් යාපනයේ මිදී මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වමින් ඇති බවත් කිලෝව රුපියල් 200 බැගින් බොහෝ වෙළඳුන් යාපනයෙන් මිදි රැගෙන යන අයුරු ද දඹුල්ලේ දී දැක ගැනීමට හැකිවිය.
එළවලු මිල මෙන්ම පලතුරු බොහොමයක මිලද මෙදින පහත වැටි තිබුණු අතර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීම ඊට හේතුව බව වෙළෙන්දෝ කියති.




