කවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ ප්රධානත්වයෙන් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
මෙම පිංකම ඕකන්ද සුසාන භුමියේ ඇති සොහොන් ගෙයි සිදුකෙරුණු සර්ව රාත්රික පිරිත් සජ්ජායනාවකින් ආරම්භ වූ අතර, පිරිත් සජ්ජායනාව නිමා වීමෙන් පසුව සොහොන් භූමියේදීම සැකසූ දානය සොහොන් භූමියේදීම භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වුණි. යම රජ්ජුරුවන් ඇතුළු මියගිය අය උදෙසා පැන් වැඩීම සිදුවූයේ ඉන් අනතුරුවය.
කරන්දෙණිය සුසිල් ප්රයන්ත


