කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියස දී අද පෙරවරු 11 ට පමණ සිදුකෙරිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,ජනාධිපති ආර්යාව හා ජනපති පුත් දහම් සිරිසේන මහත්වරු ජලාශය නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම වන ඝන මීටර් 185 සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී.
මෙම අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඞී.බී.විජේරත්න මහතා ප්රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතූළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.






