බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.
වසර දෙකක ගිවසුමක් යටතේ මෙසී පැරිස් කණ්ඩායස සමග එක්ව ඇති අතර අවශ්‍යනම් එය තවත් වසරකින් දීර්ඝ කිරීමේ හැකියාව පවතී.
34 හැවැරිදි මෙසී පැරිස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමේදී අංක 30 ජර්සිය යටතේ ක්‍රීඩා කරනු ඇත.
ඒ ඔහුගේ සුපුරුදු අංක 10 ජර්සිය වෙනුවටය. මෙසීගේ මිත්‍රයෙක් වන ඉදිරිපෙළ ක්‍රීඩක නෙයිමාර් අංක 10න් ක්‍රීඩා කිරීම මේ සඳහා හේතුව විය හැකි බවට විචාරකයෝ පවසති.





