මුල්ලියාවේදි ප්රදේශයේදී අද (28දා) උසාවි නියෝගයක් අනුව සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගැනීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
9 වැනි ක්ෂේත්ර ඉන්ජිනේරු බලකාය සමග මුල්ලියාවේදී පොලිස් ස්ථානය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පතොරම් තොගය සොයාගෙන තිබේ.
එම පතොරම් තොගයෙහි මිලි මීටර් 152 පතොරම් 110ක්, මිලි මීටර් 122 පතොරම් 36ක්, මිලි මීටර් 159 කාලතුවක්කු කාට්රිජ් 49ක්, මිලි මීටර් 122 කාට්රිජ් 29ක් හා විලායක 10ක් සොයාගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මුල්ලියාවේලි පොලීසිය සිදුකරයි.





