මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ (06දා) සවස සිට අද (07දා) අලුයම දක්වා පැවත්වුණි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ කොවීඩ් 19 වෛරසයේ අවධානම් හේතුවෙන් බැතිමතුන් නොමැතිව වසර 3 ක පමණ කාලයක් වට්ට්‍රාපලෙයි කොවිලේ වාර්ෂික දේව මෙහෙය පැවත්වුනේ කෝවිල් භාරකාර මණ්ඩලයේ සහභාගීත්වයෙන් පමණකි.
කෙසේ වෙතත් මෙවර වසර 3 කට පසුව විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් මුල්ලියාවලෙයි කාට්ටා විනායගර් හිනිදු කෝවිල ඉදිරියෙන් ආරම්භ වූ විශේෂ දේව මෙහෙය වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය සිලාවත්ත මුහුදු තීරයේදී විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිත කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව වූ කන්නගි දේවතාවගේ ඉදිරිපිට පිහිටි පහන් දැල්වීම මධ්‍යම රාත්රියේදී සිදු කෙරිණි .
පසුගිය මැයි 30 වනදා වට්ට්‍රාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ කෙරුනු අතර අද (07දා) අලුයම මුහුදු ජලයෙන් දල්වන ලද පහන දින හතක් පුරාවට දැල්වීමෙන් අනතුරුව එලඹෙන 13 වනදා අවසන් දේව මෙහෙය පවත්වනු ලබයි.
වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවත්වෙන සියලු දේව මෙහෙයන් වෙනුවෙන් මුලතිව් පොලීසිය සහ යුද හමුදාව විසින් විශේෂ ආරක්ෂාවක් සැපයීමටද පියවර ගෙන ඇත.



