ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.
වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් , යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගවයින් යුගළ 48 ක් මෙම තරගාවලිය සඳහා සම්බන්ධ විය.
මෙම තරගය නැරඹීහමට මුලතිව් වැසියන් විශාල පිරිසක්ද සහභාගී විය.
ගවයින්ට දිනෙන් දින සිදු වන හිරි හැර අවම කිරීම හා ගවයින් මස් පිණිස මරා දැමීමෙන් වැළැක්වීමටත් ගවයාගේ වටිනාකම ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කළ බවට මුලතිව් ගව ගැල් සංගමය පැවැසීය.
කෙසේ වෙතත් තිරික්කල් තරග හරහා ගවයින් පීඩාවට ලක්වන බව සත්ව අවිහිංසාවාදී සංගම් සඳහන් කරයි. පසුගිය කාලයේදී මෙම තරග සඳහා විරෝධයක්ද එල්ල විය.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
Champa Tuesday, 04 June 2019 05:22 PM
තිරිසන් වැඩක්. හරකා කියන්නේ අශ්වයා වගේ දුවන්න පුරුදු කරපු සතෙක් නෙමෙයි. හරකුන්ට ගගහ මෙහෙම දුවවන එක අන්තිම අමානුෂිකයි. පෙරහරේ කරඬුව අරන් ශාන්ත දාන්ත විදිහට ඇවිදන් යන අලියට විරුද්ධ වෙච්ච වහල් ආණ්ඩුව මේ විදිහට හරකට කෝටුවකින්ද මොකකින්ද මම දන්නේ නැහැ ගගහා දුව වන එකට විරුද්ධ නැහැ. පව් අහිංසක සත්තු. දුවනවා මදිවට ගුටි කන්නත් ඕනේ.
Reply : 0 3
රජින්ද Thursday, 06 June 2019 01:15 PM
කතාව නම් හරක් මස් කන්නේ නැහැ කියලා දෙයියගේ වාහනේ නිසා, ඒ උනාට තිරික්කලේ බැදපු හරකට කෙවිටෙන් ගහල ගහල බාගෙට නොමරා මැරුවට දෙයියෝ කෝප වෙන්නේ නැහැලු. අපේ රටේ මේ වගේ සත්වහිංසා වලට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට හැකි කොන්දක් ඇති නායකයෙක් බිහිවේවා...!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd