ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පෙරේදා (06දා) අවසන් විය.
මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ජාක් ගුණවර්ධන සම්මාන දිනාගත් අතර, දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස අශාන් සිල්වා සම්මාන දිනා ගත්තේය.
මෙහිදී දක්ෂතම රියදුරා තෝරා ගැනෙන 'SL-GT-Cars up to 3500cc' මෝටර්රථ ඉසව්වේ අදියර ද්විත්වයම ජයගැනීමට අශාන් සමත් විය. කෙසේ නමුත් දක්ෂතම ධාවකයා තෝරාගැනෙන 'Group MX – 250cc' මෝටර් රථ ඉසව්වේ පළමු අදියර ඉෂාන් ජය ගත්තද, එම ඉසව්වේ දෙවැනි අදියරේදී ඔහු අවාසනාවන්ත ලෙස ධාවන පථය මත ඇදවැටීම හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව හිඟුරක්ගොඩ රෝහල වෙතද රැගෙන යාමට සිදුවිය. මේ හේතුවෙන් පළමු හා දෙවැනි අදියරයන්හි දැක්වූ දක්ෂතා අනුව ශූරතාව ජාක්ට වෙත හිමිවිය. ඉෂාන් ඇදවැටෙන විටත් ඔහු සිය ඉසව්වේ පෙරමුණ ගෙන සිටියේය.
අශාන් ඉකුත් වසරේද මෙහි දක්ෂතම රියැදුරා වන අතර, එවර දක්ෂතම ධාවකයා වූ ඉවෝන් බී ගුරුසිංහට මෙවර එම ශූරතාව රැක ගැනීමට නොහැකි විය.
යතුරුපැදි ඉසව් 12ක් හා මෝටර් රථ ඉසව් 08ක් ලෙස සමස්ත ඉසව් 20කින් සමන්විත වූ මෙවර තරගාවලියේ යතුරුපැදි දක්ෂතම කණ්ඩායම ලෙස හොන්ඩා කණ්ඩායම සම්මාන හිමිකර ගනිද්දී, මෝටර් රථ දක්ෂතම කණ්ඩායමට හිමි සම්මානය මාර්ගි රේසිං සම්මාන විසින් දිනා ගත්තේය.
තරගාවලිය සඳහා දිවයිනේ සිටින ප්රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ ධාවකයන් 200ක් පමණ සහභාගි වූහ. මෙවර අනතුරු 07කට වැඩි සංඛ්‍යාවක් සිදු වූ අතර, ඉන් බහුතරය යතුරුපැදි අනතුරු විය.
යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත තත්ත්වයන්ට පත් වූ මෙන්ම දැනට සේවයේ නිරතව සිටින කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කෙරේ.
ත්‍යාග හා කුසලාන ප්රදානය සඳහා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි විය. මෙවර තරගාවලිය සඳහාද නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහක ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd