කෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.
කෝවිඩ් කාලයේ හුදෙකලාව සිටි ඉතා මිල අධික ලොව දුර්ලභ ගණයේ මැකෝ ගිරවුන් වර්ග කීපයක්ම අතරින් කහමැකෝ ගිරවුන් ජෝඩු වශයෙන් බිත්තර දැමීමෙන් පසු සත්ව භාරකරු අජිත් අසංග ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ බිත්තර රක්කවමින් පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් බිහිකර තිබේ.
එම සතුන් කුරුලු උයනට මුදා හැර ඇති බැවින් නරඹන්නන්ට නැරඹීමේ අවස්ථාව ලැබී තිබේ.
දෙහිවල ධර්මපාල


