මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය අද (17) පෙරවරුවේ කොළඹ නවනගර ශාලාවේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ,මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




