ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
මරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කරමින් වූ විරෝධතාවක් ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) දියත් කරන ලදී.
‘මරණ දඬුවමින් ශ්‍රී ලංකාව ගෝත්රිකරණය නොකරනු’ යන මැයෙන් ක්‍රියාත්මක මෙම විරෝධතාව සඳහා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, විරෝධතාව අතරතුරදී ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් යෑමට කළ උත්සහයේදී පොලීසිය මැදිහත්ව එය නතර කර සිටිනු දක්නට ලැබිණි.
එහිදී මේ පිළිබඳ අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කර සිටියේ බන්ධනාගාර තුළ මත්කුඩු බෙදා හැරීම බන්ධනාගාර නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නක් බවයි.
ඒ අනුව එවැනි අපරාධ සමස්ත සමාජ පද්ධතියම නියෝජනය වන පරිදි විධිමත් වැඩපිළිවෙළක් හා පුනරුත්තාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් හැර මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් වළක්වාලිය නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මෙය ඉතා අමානුෂික හා ගෝත්‍රික ක්‍රියාවකට රට ඇද දැමීමක්. මරණ දඬුවමට බෑ මත් කුඩු ව්‍යාප්තිය නවත්වන්න. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් යන්න අපි සූදානම් වුණත් හදිසි නීතිය යටතේ අපිව අත්අඩංගුවට ගන්නවා කිවුවා. කොහොම වුණත් අපි මීට විරෝධය පළ කරමින් වූ සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දුන්නා” යැයි පැවසීය.
නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd