මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ සමර්හිල් කොටසේ තේ වත්තේ යුකෙලෙප්ස්ටික් ගසක (07) දින කදුකර කොටියා සිර වි ඇත.
තේ වත්තේ සැරිසරන කදුකර කොටියන් සහ වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවන ලද මන්දකට හසු වු කදුකර කොටියා එම මන්ද කඩාගෙන දිවවිත් මන්ද ගලවාගැනිමට ගසට නැග ඇති අතර, එහිදි කදුකර කොටියා ගසක මැද සිර වි ඇත.
ගස මැද සිර වි සිටින කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ. කදුකර කොටියා සිර වි සිටින අසලින් එය නැරඹිමට පැමිණ සිට පිරිස ඉවත් කිරිමට පොලිසිය පියවර ගෙන ඇත.



