මඩකලපුව පූනානි සහ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් වු ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද (27දා) පෙරවරුවේදි මුදාහැර තිබේ.
ඒ අනුව මඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ 163 ක් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 25 දෙනෙකු මෙලෙස පිටව ගොස් තිබේ.
ඔවුන් ඉතාලිය සිට පැමිණි පිරිස් වන අතර එම පුද්ගලයන් කොළඹ, හලාවත, මාතර, කුරුණැගල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ පිටව ගිය ශ්‍රී ලාංකිකයන් අතර ඉතාලියේ වසර 20 ක කාලයක් රැඳී සිට කොරෝනා වෛරසය නිසා මෙරටට පැමිණි කටුනේරිය ප්‍රදේශයේ පදිංචි දරු පවුලක්ද ඒ අතර විය.
මනම්පිටිය නිමල් ජයරත්න





