ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය.
ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.
තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දිහා පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බව ද පැවසූ ජනාධිපතිවරයා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව ද පවසනු ලැබීය.
කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය. අනතුරුව උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇති කසළ ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
Kumar Sunday, 24 October 2021 01:55 AM
E kiyanne nawatha chandayata idiripath wenne naha kiyalada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd