බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.
නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ සාහිත්‍ය උළෙල පැවැත්වුණ අතර, 2018 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ බෞද්ධ සාහිත්‍ය කෘතීන් මෙහිදී ඇගයීමට ලක්විය.
එමෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මහැඳුරු ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් සහ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් අනුස්මරණ සම්මාන දෙකක් විද්වත් ප්‍රභූවරුන් දෙදෙනෙකුට පිරිනැමීමටද බෞද්ධ සාහිත්‍ය කමිටුව සංවිධානය කර තිබූ අතර, බුද්ධශාසන අමාත්‍යාංශය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව බෞද්ධ සාහිත්‍ය උත්සවය සංවිධානය කර තිබුණි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ




