බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 5.10ට පිටත් වූ දුම්රියෙන් යාමට පැමිණි විශාල පිරිසක් හරවා යැවීමට සිදුවීම හේතුවෙන් ඊයේ දුම්රිය ස්ථානයේදී කලබලකාරී තත්ත්වයක් ඇති විය. කෙසේ වුවද අද දින දුම්රියෙන් යාමට පැමිණි 34 දෙනකුට ගමන් කිරීමට අවස්ථාව උදාවිය.
දුම්රියෙන් යාමට පැමිණි සියලුම දෙනාගේ සේවා හැඳුනුම්පත් පරීක්ෂා කර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ට විශේෂ අංකයක් ලබා දී ආසන ලබා දීමට කටයුතු කරනු ලැබීය. තවද නිරෝධායන නීතිවලට අනුව මගීන් ආසනගත කිරීමද සිදුකෙරිණි.
අනීෂා මානගේ



