බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද පැවසීය.
වසර 2500ක් තිස්සේ බෙදුම්වාදයෙන් ආරක්ෂා වු මව්බිම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත්,ඒ වෙනුවෙන් සටන් කිරීමට රටවැසියන් සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.
‘ජනවරමට අවසරයි‘මැයෙන් මරදාන නගර මධ්‍යයේ පැවති ජනරැළිය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ජාතික සංවිධාන එකමුතුව,යුතුකම සංවාද කවය,දේශප්‍රේමි භික්ෂු පෙරමුණ,තුන්හෙල ජනපවුර,ශ්‍රී ලංකා වෛද්‍ය එකමුතුව,නිදහස් කලා සන්ධානය,ජාතික සම්පත සුරැකීමේ මධ්‍යස්ථානය,ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඇතුළු විද්වත් සංවිධාන 28ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජී.එල්.පීරිස්,වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම,සී.බි.රත්නායක,එස්.එම්.චන්ද්‍රසේන,ප්‍රසන්න රණතුංග,රෝහිත අබේගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,පවිත්‍ර වන්නිආරච්චි,මහින්ද යාපා අබේවර්ධන,පියල් නිශාන්ත ඇතුළු මහජන නියෝජිතයින් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා



























