බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් කරන ලෙස ඉල්ලා ඊයේ (27දා) දූෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
බැඳුම්කර වංචාව සිදුව ඊයේ (27දා) දිනයට වසර 04ක් ගතවී තිබුණද,ප්‍රධාන චූදිතයා තවමත් නිදැල්ලේ සිටින බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් ලබාදී රටට අහිමි වූ මුදල නැවත අයකර ගත යුතු බවදඔහු පවසා සිටියේය.
ඡායාරූප- ශමිර රාජපක්ෂ





