බන්ධනාගාරවල රැඳවියන් මාරැකිරීමේ කටයුතු දිගටම සිදුකරන බවත්, බන්ධනාගර තුළ හිඳිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත් අධිකරණ හා බන්ධනාගාර ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
කොළඹ අලුත්කඩේ උසාවි සංකීරණය ආශ්‍රිතව අලුතින් පිහිට වූ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට අද (21දා) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසූවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තලතා අතුකෝරල අමාත්‍යවරයා මෙසේද පැවසුවාය.
“බන්ධනාගාරේ වහල උඩ ඉඳගෙන කෑ ගහන අය පුරුද්දක් හැටියට කාලෙකට එන අය. නඩු ප්‍රමාදය ගැන කතා කරන්නේ ඊයේ පෙරේදා. ඒ නිසා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතුත් කඩිනම් කරලා ඒ නඩු කටයුතු කරන්න අපි කටයුතු කරනවා.
අධිකරණය තමයි ඒ අයගේ ඇප සම්බන්ධයෙන් තීරණය කරන්නේ. කාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.ලංකාව තුළ ඕනෑම බන්ධනාගාරයකට රැඳවියෝ මාරු කිරීමේ බලය අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරිය හැටියට මට පනතෙන් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් මාරු කිරීම් කරනවා.”
ඡායාරූප ශමිර රාජපක්ෂ









