කොවිඩ් 19 මර්දන එන්නත ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ වයස්ගතම කාන්තාව ලෙස බදුල්ල බටහිර ග්‍රාම සේවාවසමේ අළුත්වෙලගම පදිංචි සමරසිංහ වෙදගේ ඇග්නස්නෝනා මහත්මිය පත්වූවාය.
අවුරුදු 103 ක කාලයක් නිරෝගීව ජිවත්වන මෙම කාන්තාවට එන්නත ලබාදීම සදහා බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් ඊයේ (30දා) ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සිනාසිසී විමසා සිටියේ “ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද “කියාය .
“මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා නැවත මහ හඩින් සිනාසුණාය.
“කමක් නැහැ අම්මේ අපි එන්නත ගහමු” කියා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා එන්නත ලබාදුන් අතර දෑත් එක් කල ඇග්නස්නෝනා මහත්මිය සෞඛ්‍ය කාර්මණ්ඩලයට ආචාර කළාය.
පාලිත ආරියවංශ




