එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.
කණ්ඩාවලෙයි, ධර්මපුරම් ආදි ප්රදේශයන්හි පිහිටි නිවාස 400 කට අධික ප්රමාණයක් මෙහිදී හදීසි සොදිසි පරික්ෂාවකට ලක් කළ අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබීය.
කෙසේ වෙතත් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී ආයුධ හෝ කිසිවක් හමු නොවී ඇති අතර ඉදිරියේද සැකකටයුතු ප්රදේශයන්හි එවැනි සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පැවසීය.
කිලිනොච්චියේ කිසිදු ත්රස්ත ක්රියාකාරකමක් හෝ එවැනි දේකට අනුබල දීමක් හෝ සිදුකරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වූ සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරන බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් පැවසීය.



