ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් මේ වන විට 25 දෙනෙකු පමණ රෝහල්ගත කොට තිබේ.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී යාන්ත්‍රික දේාෂයක් හේතුවෙන් නතර වී ඇති අතර පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් නවතා තිබූ දුම්රියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර හේතුවෙන් මේ වන විට එම දුමිරිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා ඇතිව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.





ඡායාරූප - බිමල් ශ්‍යාමන්