මහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.
2022 හා 2023 මහ කන්නය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ හෙක්ටයාර් 19125 ක වී වගා කර ඇති අතර එය මහා වාරි හා සුළු වාරි යටතේ වගාකර තිබේ.
කෙසේ නමුත් මේ වන විට මෙයින් හෙක්ටයාර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අස්වැන්න නෙළා ඇති බව පැවසෙයි.
මේ සියල්ල හමුවේ මේ වන විට ජනාධිපතිවරයා රුපියල් සියයට වී මිළදි ගැනිමට සුදානම් වන බව පැවසුවද පුත්තලම දිස්ත්‍රික්කයෙ රුපියල් 60 හා 70 ඉතාම පහත මිලකට මහා පරිමාන ව්‍යාපාරිකයින් ක්‍රියාත්මක වී තිබේ.
මහා පරිමාන වී මෝල් හිමිකරුවන්ගේ තරුව්කරුවන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙ වී අස්වැන්න නෙළමින් ඇති ආණමඩුව,මහඋස්වැව, කොට්ටුකච්චිය,මහකුඹුක්කඩවල,නිළබැම්ම,ඉගිනිමිටිය යන ප්‍රදේශ සැරිසරමින් රුපියල් 60 ත් 70 ක අසාධාරණ මිළකට ගනිමින් ඇති බව ගොවින් චෝදනා කරති.






