පුත්තලම දිස්ත්රික්ක පුරා මෙවර ප්රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.
මෙවර පුත්තලම දිස්ත්රික්කයෙ පුත්තලම, ආණමඩුව, මහකුඹුක්කඩවල, නවගත්තේගම, නාත්තන්ඩිය, මහවැව, පල්ලම, මාදම්පේ යන ප්රදේශ රැසක අක්කර සිය ගණනක් කහ වගා කර ඇති බව වගාකරුවන් පවසයි.
වගාකරුවන් පවසන්නේ මිලක් නොමැති විම හේතුවෙන් කිලෝ දහස් ගණනක් නිවෙස් තුළ ගබඩා වී ඇති බවයි.
කෙසේ නමුත් එම කහ වගාකරුවන් වසරකට ආසන්න කාලයක් දැඩි වෙහෙසක් දරමින් සරු කල කහ අස්වැන්න මේ වන විට වගා බිම් වලින් ගලවමින් සිටියද එයට සාධාරණ මිලක් නොමැති විම හේතුවෙන් අන්ත අසරණ වී ඇති බව ඔවුන් පවසයි.
පොල් හා අනිකුත් වගාවන් ආශ්රීතව මෙම කහ වගාවන් සිදුකර ඇති අතර බිම් සකසා පොහොර යොදමින් වසරක් පුරා ජලය ලබා දෙමින් සිදුකල මෙම වගාවට මිලක් නොමැති විම ගැන ඔවුන් අසරණ වි සිටිති.





