කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු ඇතා අද (2දා) අළුයම පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදි වන ජීවි නිළධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.
අවුරුදු තිස් පහක පමණ වයසක් ඇති මෙම ඇතා අඩි නවයකට ආසන්න උසකින් යුත් අතර දළ යුලග අඩි හතරකට ආසන්න දිගකින් යුක්ත බවද වන ජීවි නිළධාරින් පවසයි.
මෙම ඇතා පසුගිය 29 දා රාත්‍රියේ කොට්ටුකච්චිය කිවුල අක්කර විස්ස ප්‍රදේශයේ කාන්තාවක් මරා දමා තිබුණේ නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදිමය.
එයට අමතරව තවත් ස්ථානයකදි පුද්ගලයකුට ඇතා පහර දි ඇති බවද කියයි. ඇතා 3දා යාල ජාතික වන උද්‍යානයට රුගෙන යාමට සැලසුම් සකස්කර තිබේ.





හිරාන් ප්‍රියංකර ජයසිංහ