මස්කෙලිය ප්‍රදේශයේ පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් වාර්තාවක් තැබිමට (31) දින සමත්විය.
විග්නේෂ්වරන් ශස්මිකා (06) නැමති එම පාසල් දැරිය මස්කෙලිය සෙන් ජොශප් දමිල මහා විද්‍යාලයේ 01 වසරේ අධ්‍යාපනය ලබන අතර, එම පාසල් සිසුවිය මස්කෙලිය ශ්‍රි පාද මාර්ගයේ බ්‍රවුන්ලෝ වතුයායේ හින්දු කොවිල අසල සිට මස්කෙලිය පොලිස් ස්ථානය දක්වා කිලෝමිටර් දෙකකට අධික දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් මෙම වාර්තාව පිහිටුවිමට සමත් වි ඇත.
පාසල් දැරිය පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබිම අධික්ෂණය කිරිම සදහා වාර්තා අධික්ෂණ කමිටුවේ මෙරට නියෝජිත ජුඩ් නිමලන් මහතාද එක්වි සිටිහ.
දෙමව්පියන්ගේ සහ ප්රදේශවාසින්ගෙත් , ඇය අධ්‍යාපනය ලබන පාසලේ සිසු සිසුවියන්ගෙත් සහයෝගයෙන් සහ මස්කෙලිය පොලිසියේ නිලධාරින්ගේද ආරක්ෂාව මැද්දේ වි.ශස්මිකා සිසුවිය මෙම වාර්තාව පිහිටුවිය.
වි.ශස්මිකාගේ පියා වන එස්.විග්නේෂ්වරන් මිට මාස කිහිපයකට ප්‍රථම යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබු නිසා තමන්ට වාර්තාවක් තැබිමට ආශාවක් ඇති වු බව වි.ශස්මිකා සිසුවිය පැවසිය.




