ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.
ග්‍රැන්ඩ් හෝටලයේ අනුරුව සහිතව පිලියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සඳහා පලතුරු වර්ග 12 ක් , කෙක් සදහා යොදා ගන්නා මද්‍යසාර වර්ග 7 ක් ,දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 120 ක් යොදා ගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිලියෙල කරනු ලැබුහ.
ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සදහා සහභාගි විය. මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිළියෙළ කර අවසන් කර නත්තලට සහ උත්සව සමයේ ග්‍රැන්ඩ් හෝටලයට පැමිණෙන සියළුම දෙස් විදෙස් සංචාරකයන්ට පිළිගැන්විමට සැලසුම් කර තිබේ.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
Kumar Tuesday, 07 December 2021 04:58 PM
nawa gilunath ban chun kiyanna oyawage wadawalatada.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd