නුවරඑළිය නගරය හා ඒ අවට ප්රදේශවලට අද (25) අලුයම් කාලයේ දැඩි ලෙස මල් තුහින පතිතවී තිබිණි.
සෑම වසරකම පාහේ දැඩි සීතල කාලයට මෙසේ නුවරඑළියට මල් තුහින පතිත වන අතර, පසුගිය 22 දිනත් නුවරඑළිය නගරයට හා ඒ අවට ප්රදේශ වලට මල්තුහින පතිත වී තිබිණි.
පසුගිය දින කීපයේ නුවරඑළිය හා ඒ අවට ප්රදේශවලට පැවැති දැඩි සීතල දේශගුණික තත්ත්වය හා උෂ්ණත්වය විශාල අගයකින් පහත බැසීම හේතුවෙන් මෙසේ මල් තුහින පතිත වී ඇති බව නුවරඑළිය නගර වැසියෝ පවසති.
නුවරඑළිට පතිත වන මල් තුහින හේතුවෙන් උඩරට එළවළු වගාවන්ට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑම් එල්ල වන බවද ඔවුහු කියති.





