කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඉවත් කළ සේවකයන් වහාම සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඇඟලුම් සේවකයෝ පිරිසක් අද (30දා) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මීට සමගාමීව කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතා පාගමනක්ද පැවැත්විණි.
විරෝධතාකරුවන් විසින් සකස් කරන ලද පෙත්සමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දීමද සිදු විය.
2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.
අදාළ සේවකයන් ඉවත් කිරීමට විරෝධය පළකර පසුගියදා (11දා) සිට කටුනායක ප්‍රදේශයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන බවත්, එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පළමු පියවර ලෙස කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් ඒ මහතා පවසා සිටියේය.
සේවකයන් ඉවත් කිරීමට හේතු ලෙස ප්‍රකාශ කරන කරුණු අසත්‍ය බවත්, මේ නිසා මෙම පිරිස සේවයේ පිහිටුවන කම්කරු දෙපාර්තමේන්තුවද නියෝග කර තිබෙන බවද සමලේකම්වරයා පැවසීය.
එහෙත් එම නියෝග කඩ කරමින් පාලනාධිකාරිය කටයුතු කරමින් තිබෙන බවත්, එබැවින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය පවා අහිමි වී යන තත්ත්වයට පත්විය හැකි බවත් ඇන්ටන් මාක්ස් මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප - ෂමීර රාජපක්ෂ
VIDEO