යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක වාර් ෂික පැවත්වෙන් දේව මංගල්ලයක් වෙනුවෙන් එහි භාරකාර මණ්ඩලය හින්දු බැතිමතුන්ගේ මහත් භක්තියක් වූ දෙවිවරුන් විදුලි බුබුලුවලින් අලංකාරය කිරීමට පියවර ගෙන තිබුණි.
වාර් ෂික දෙව මෙහෙයන් සඳහා සහභාගී වූ සියලු බැතිමතුන්ගේ මෙම දේව රූප කෙරෙහි මහත් ආකර්ෂණයක් පැවති අතර මේ තාක් සෑම හින්දු කෝවිලකම දේවරූප මැටියෙන් හෝ යකඩ වැනි දේ උපයෝගි කරගනිමින් නිර් මානය කොට සරසා තිබීම දැක තිබුනද මෙවැනි ආකාරයේ දේව රූප නිර් මාණයන් මීට පෙර දැක නොතිබූ බවටද බැතිමන් පැවසීය
උතුරු පලාතේ බහුතර ජනතාවක් හින්දු බක්තිකයින් වන අතර උතුරේ පිහිටි දහස් සංඛ්‍යාත හින්දු කොවිල් වෙනුවෙන් උතුරේ හින්දු බැතිමතුන් දෛනිකව විවිධ දේව මෙහෙයන් සිදුකරන අතරම දෙවයින් කෙරෙහි දැඩි භක්තියකින් පසුවන සංස්කෘතියක්ද වෙයි.
මේ නිසාම හින්දු ජනතාව අතර වඩාත්ම ප්‍රසිද්ධ වූ දෙවිවරුන් කිහිපදෙනෙකුගේ රූපයන් විදහාදක්වමින් මෙලෙස විදුලි බුබුලු දහස් ගණණක එකතුවෙන් මෙම දේව රූප ආලෝකමත් කිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය.
මෙම දේව රූප අඩි 20 සිට අඩි 70 ක් දක්වා වූ විවිධ උසින් යුක්තවන සේ දැඩි පරිශ්‍රමයක් යොදා නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.



