රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට (26) දා උදෑසන විශාල මගින් පිරිසක් පැමිණ සිටියේය.
දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ලියාපදිංචි වූ මගීන් සංඛ්‍යාව 305 කි. එහෙත් දුම්රිය ස්ථානය වෙත මගීන් 600කට අධික පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු කෙරිණ.
පොල්ගහවෙල සිට කොළඹ කොළඹ කොටුව බලා දුම්රියන් දෙකක් ධාවනයවිය.



