ළමා දිනයේ ළමයාද, වැඩිහිටි දිනයේ වැඩිහිටියාද වෙන්කරගත නොහැකි වර්තමානයක අද අපි තවත් ළමා දිනයක් හා වැඩිහිටි දිනයක් සමරමින් සිටිමු.
දරුවන්ගේ ලෝකය යාවත්කාලීන විය යුත්තේය. එහෙත් ඒ යාවත්කාලීන ලෝකය තුළ දරුවන් යනු දරුවන් මිස වැඩිහිටියන්ගේ කුඩා ආකෘතියක් නොවන බව බොහෝ දෙනෙකුට අමතකව තිබේ. දෙමාපියන්ට මඟහැරුණු අතීත සිහිනවල නූතන හඹායන්නන් බවට දරුවන් පත් නොකළ යුතුය.
වැඩිහිටි නිවාසවල, මංමාවත්වල, හුදෙකලා වූ නිවෙස්වල දෙමාපියන් පෙරමං බලා හිඳිද්දී, නූතනත්වය අතික්‍රමණය කළ ඔවුන්ගේ දරුවෝ ෆැන්ටසිය තුළ තම දරුවන්ට වැඩිහිටියන්ට සලකන්නට කියා දෙති.
ඊයේ(30දා) විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත් වූ ලෝක ළමා දින ජාතික උත්සවයේදී මේ ඡායාරූපය ගනු ලැබීය.
ඡායාරූප ශමීර රාජපක්ෂ






