ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ක්‍රිකට් කණ්ඩායම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.
කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස කොළඹ බලා රැගෙන ගියේය.
ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම ක්‍රිකට් තරග සංචාරය තුළ මෙම ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතය.



