ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කරමින් පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
මෙම ඓතිහාසික කටයුත්ත මගින් උතුම් ති‍්‍රපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරාගෙන ඊට නෛතික ආරක්ෂාව සැලසීමට හැකි වන බවත් මින් ඉදිරියට රජයේ අවසරයකින් තොරව ති‍්‍රපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මින්පසු ති‍්‍රපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවත්, මේ අයුරින් රාජ්‍ය මැදිහත්වීම සිදුකළේ උතුම් ති‍්‍රපිටකයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට බවද ඔහු සඳහන් කළේය.
මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මෙම අත්‍යාවශ්‍ය තීරණයට තමා එළැඹියේ ධර්මයේ හැසිරෙන සහ බුද්ධ භාෂිතය පිළිබඳ අප්‍රමාණ ගෞරවාදරයකින් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම උතුම් පුණ්‍ය කටයුත්ත තම ධූර කාලය තුළ ඉටු කිරීමට ලැබීම තම පුණ්‍ය මහිමයක් ලෙස සලකන බව ද කියා සිටියේය.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
rocky Sunday, 06 January 2019 06:42 AM
ත්‍රිපිටකය ලෝක උරුමයක් වුනාය කියලා මේ රටේ ජනතාවට එයින් සිදුවන යහපත මොකද්ද? අයි, හත් දෙයියියනේ මින්ට පිස්සුද?
Reply : 130 153
Champa Sunday, 06 January 2019 04:47 PM
මේක නම් හොඳ වැඩක්. නමුත් අවුරුදු 4ක් තිස්සේ නොයෙකුත් ක්‍රම මගින් බුද්ධ සාසනය කම්බස් කරන්න හදපු යහපාලන ජෝඩුවට එක වැඩෙන් දෙකෙන් ගොඩ යන්න බැහැ. උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන කුඩු පට්ටම් කරත්දී බලා ඉඳල, බුදු පිළිම ඉවත් කරන්න කියලා දෙමල දේශපාලකයෝ උද්ඝෝෂණ කරද්දී නිහඬව ඉඳල මේ වගේ දෙයක් කලා කියලා නැති කරපු දේවල් නැවත ලැබෙන්නේ නැහැ. බෞද්ධයන්ගේ පෑරිච්ච හිත නැවත හැදෙන්නෙත් නැහැ. අනාගතේ වත් නියම සිංහල බෞද්ධයෙක් ජනාධිපති තනතුරට පත් වෙලා අපිට නැති වෙච්ච දේවල් නැවත ලබා දීල බුදු සසුනට හිමි නිසි ගෞරවය ලබා දෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නම් බුදු හාමුදුරවෝ තුන් වරක් වැඩම කල මහියංගනය, නාග දීපය සහ කැලණිය ලෝක උරුමයන් වෙන්න ඕනේ.
Reply : 0 1
rocky Monday, 07 January 2019 08:03 AM
champo, බුදුන්වහන්සේ ලංකාවට එක වරක් වත් වැඩම කළා නම් මෙහිදී දේශනා කල සුත්‍රයක් වත් තියෙන්න ඕන නේද? උන්වහන්සේ ලංකාවට පැමිණි බවට අයිතිහාසික සාධක කිසිවක්ම නැහැ! ඕවා නිකම් බොරු සෝභන කතා! ඔහෙලාට කැමහිනම් බුදුන්වහන්සේ වත් ජාතික උරුමයක් කර ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. එත් ජනතාවට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? මේ රටේ පවතින සමාජ පරිහානියේ තරම අනුව බැලුවාම මෙහෙ ඉන්නේ ලේබල් වුද්ධයන් විතරයි කියල හිතෙනවා!
Reply : 6 0
Champa Monday, 07 January 2019 04:58 PM
Rocky - බුදු දහමට සහ බුදු හාමුදුරුවන්ට ගරහපු නිඝන්ටයෝ බුදු හාමුදුරුවෝ ඉන්න කාලෙත් හිටිය. අටමස්ථාන සොලොස්මස්ථාන ගැන කවදාවත් අහල නැති අනාගමිකයෙක්ට බුදු හාමුදුරුවෝ වැඩිය බව නොවෙනුනාට කමක් නැහැ. ලංකාවේ තියෙන වෙහෙර විහාර බුදහාමදුරුවෝ ඉපදුනු ඉන්දියවෙවත් (ඇත්තටම නේපාලේවත්) නැහැ. ලංකාවේ 70.2% ක් බෞද්ධයෝ. ලෝකය අරන් බැලුවොත් 7.1% (මිලියන් 488 ක් - 2010) බෞද්ධයෝ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කරහම ඒ හැමෝටම ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. අන්‍ය ආගමකට ගරහන එක නවත්තල නිකම් ඉන්න වෙලාව පොත පතක් කියවන්න වැය කළා නම් අඩු ගානේ ළිං ගැට්ට උඩටවත් එන්න පුළුවන් වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd