තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.
තබ්බෝව ජලාශයෙ වම් හා දකුණු සොරෝව් හා වෑ කන්ද සේම රළපනාව කළුගල් ඇතිරීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් රුපියල් ලක්ෂ 1994 ක මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කර වසර 10 ක් ගත වෙන්නටත් පෙරත් වම් සොරෝව්වේ දොරටුව නිසි ලෙස වසා දමා ජලය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් දෛනිකව දැවැන්ත ජල කදක් අපතේ යමින් තිබේ.
2012 වසරේ වාරි පුනුරුත්ථාපන වැඩසටහන යටතේ වේලි ආරක්ෂණ ව්‍යපෘතිය තබ්බෝව ජලාශයෙ මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණය සිදුකර තිබුනෙ දිවයිනේ ප්‍රධාන පෙලේ කොන්ත්‍රාත් සමාගමක් යටතට පත් කරමිනි.
නමුත් එම ඉදි කිරීම වලදි අදාළ කටයුතු නිසි ලෙස කොන්ත්‍රාත් සමාගම සිදුකර නොමැති බවටද ගොවී සංවිධාන චෝදනා එල්ල කරති.
දෙවන අග්බෝ රජු විසින් ක්‍රිස්තු පුර්ව 604 දී තබ්බෝව වැව ඉදිකර ඇති බව කියයි.පුත්තලම දිස්ත්‍රික්කයෙ දැවැන්තම ජලාශ කීපය අතරින් තබ්බෝව ජලාශයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකී.
අක්කර අඩි 15400 ක ජල ධාරිතාවයකින් යුත් මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර 2500 කට ආසන්න සංඛ්‍යාවක් යල මහ කන්න දෙකෙහිම වගා කිරීම සිදුවෙති.





