උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය මාර්ගයේ දි හමුවන මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් උසින් පිහිටි ලංකාවේ එකම තනිකෙලින් පිහිටි දිගම (අඩි 895) දුම්රිය බිංගෙය වූ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දරන දුම්රිය බිංගෙය තුළ තිබූ දිරාපත් වී ගිය ලී සිල්පර කොටන් ඉවත් කර කොන්ක්‍රීට් සිල්පර දමා දුම්රිය මාර්ගය නවීකරණය කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ තනිකෙලින් පිහිටි එකම දුම්රිය බිංගෙය වන මෙම ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දරන දුම්රිය බිංගෙය තෝරා ගෙන මෙම කාර්ය සිදු කල බවත් දුම්රිය බලධාරීන් සදහන් කළහ.
ලංකාවෙ තනිකෙලින් පිහිටි එකම දිගම මෙම දුම්රිය බිංගෙය තුළ තිබූ ලී සිල්ලර කොටන් 400ක් ඉවත් කර අලුතින් කොන්ක්‍රීට් සිල්පර කොටන් 400ක් දමා දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු සිදු කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ (දුම්රිය මාර්ග ) පට්ටිපොළ අධීක්ෂණ කළමනාකරු ,අංශ ප්‍රධානි ජනක මනම්පේරි, ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු දුම්රිය මාර්ග නානුඔය ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය උපදෙස් මත පට්ටිපොළ දුම්රිය මාර්ග නඩත්තු අංශය මගින් මෙම කාර්ය සිදු කරනු ලැබූහ.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්





