විජය පුවත්පත් සමාගම මගින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27දා)ඒකාලෝක විය.
පොසොන් පුර පසළොස්වක පෝ දිනයට සමගාමීව ලංකාදීප පොසොන් ආලෝක පූජාව ආරම්භ වූ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන මහත්වරු තන්තිරිමලේ පූජා භූමිය ආලෝකමත් කරමින් විදුලි බුබුළු දැල්වූහ. මෙම අවස්ථාවට විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාද එක් විය.
ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000කට අධික සංඛ්‍යාවක ආලෝකයෙන් ඒකාලෝක වූ අතර, ආලෝක පූජාව ආරම්භ කිරීමට පෙරාතුව හපුතලේ පඤ්ඤාරාම හිමියෝ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.
විදුලි බුබුළු දැල්වීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන හා උප සභාපති සුජාන් විජයවර්ධන මහත්වරුන් අතින් තන්තිරිමලේ විද්‍යාලයේ උසස් පෙළ සිසුවියන් 13 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි.
ආලෝක පූජාවේ කටයුතු අවසන් වීමෙන් පසු ශබ්ද පූජාවක්ද, ඉන් අනතුරුව තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සිසුවියන්ගේ භක්ති ගීත ප්රසංගයක්ද පැවැත්විණ.
මහා සංඝරත්නය, විජය පුවත්පත් සමාගමේ මානව සම්පත් කළමනාකරු තිස්ස කහඳවෙලආරච්චි, සහකාර සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල, කළමනාකරු (විදුලි) ජගත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.











තුෂාර සිල්වා/ශාන්ත රත්නායක තන්තිරිමලේ සිට