සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රාශියක් එක්ව පිටකොටුව බෝධිය අසලදී අධිෂ්ඨාන පූජාවක් හා සත්යග්රහයක් අද සවස (18දා) සංවිධානය කර තිබුණි.
කොටුව දුම්රියපළ අසලින් පාගමින් පිටකොටුව බෝධිය ඉදිරිපිටට වැඩමකළ සංඝයා වහන්සේ සෙත් පිරිත් සඤ්ඤායනා කරමින් අධිෂ්ඨාන පූජාව ආරම්භ කළහ. මෙම සත්යග්රහය මෙහෙයවන ලද්දේ කැටවල හේමාලෝක හිමියන් විසිනි.
කුඹුරුගමුවේ වජිර,කොටපොල අමරකිත්ති,මුරුත්තෙට්ටුවේ ආනන්ද,අගලකඩ සිරිසුමන,ඕමාරේ කස්සප,රුක්මලේ ධම්මකිත්ති,ඉඳුරාගාරේ ධම්මරතන,උලපනේ සුමංගල,කෑගල්ලේ රතනසාර,අක්මීමන දයාරතන,පාහියංගල ආනන්ද සාගර,මාගල්කන්දේ සුදත්ත,විතරන්දෙණියේ නන්ද යන ස්වාමීන් වහන්සේලා ඇතුළු සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ






