20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු එක්වූහ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා එම සාකච්ඡාවට මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම එක්වූහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (06දා) ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවිය.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 06ක් ගතවී තිබෙන බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පක්ෂ නායකයන්ට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විවාදය සඳහා ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා පාර්ලිමේන්තුව තුළ මෙය සිරනොකර ඉදිරි කටයුතු සිදුකිරීමට අද (06දා) විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අප රටට ගැළපෙන බවට විශ්වාස කරන බවද මෙම සාකච්ඡාවෙන් පසු ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
කොළඹ 07 පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදුවිය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබුණද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග විධායක ජනාධිපති ක්‍රමය බැඳී තිබෙන බැවින් ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතු බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
එබැවින් තමන් වටා සිටින පක්ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන්ට පවසා ඇත.



ඡායාරූප ඉසුරු පෙරේරා










