ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.
කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපනය කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාවයි.
සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ට තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට අවස්ථාව සැලසේ. මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විතය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක, ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ “ජනප්‍රිය මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට ගිය පරිපූර්ණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඉවහල්වනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අද දිනයේ දී සිදු විය. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය සිදු කර අවසන් කරන බවයි. එසේම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදී යාමේ දී 90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද වීරතුංග මහතා පෙන්වා දුන්නේය.
සත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමේ තෝතැන්නක් බවට “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” පත් කර ගැනීම මාධ්‍යවේදීන් වන සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ ප්‍රතිඥාව ඉටු කිරීමට ගත් එක් පියවරක් ලෙස ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හඳුන්වාදිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පෙන්වා දුන්නේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Samson de silva Friday, 30 July 2021 08:40 AM
Ratey janathaawata wishaala awashyathaawayak ishta kala eka gena sathutuyi. Respect sir! Eka adupaaduwak penwaa denna kamathiyi. Oya podium eka pitupasa biththiye menna mehema satahanak andinna: "Mama thamayi hondatama keruwe." Ethakota janathaawage siyalu dukganawili niwee yanu athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd