ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසරට ආශිර්වාද ලබා ගනිමින් සුහඳ පිළිසඳරක නිරත විය.
පුරාවිද්‍යාත්මක වටිනාමක් සහිත ඓතිහාසික ස්ථානවල ආරක්ෂාවට සහ සංරක්ෂණයට රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති විසින් මහානායක හිමියන් දැනුවත් කෙරිණ. එහිදි මහානායක හිමි ජනපති වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.
මල්වතු විහාර භූමියේ ඉදිකෙරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතුද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අස්ගිරි ගෙඬිගේ රාජමහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා විහාර මන්දිරය වැඳ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීය. උන්වහන්සේ සමග පිළිසඳරෙහි නිරත විහාර පරිශ්‍රයේ සිදු කෙරෙන ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳ විමසා බැලීය.
අස්ගිරිය උඩුගම විහාරයට පැමිණි ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමි රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට අනුශාසනා කළහ.






