ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
අනුරාධපුර පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
අනතුරුව උඩමළුව වෙත පැමිණි ජනාධිපතිවරයා බෝධීන් වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආගමික වතාවත්හි නිරත විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සෙත් පතමින් මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කළහ.






