එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට එක්වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවැති මෙම හමුව ඊයේ (28දා) සිදුවිය.

