තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.
ජනාධිපති වෙනුවෙන් එම බෝධින් වහන්සේ රැගෙන තායිලන්තය බලා පිටත්ව ගිය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙම බෝධි අංකුරය අද (19දා) තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීය.
ජනාධිපතිවරයාද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතව තිබුණ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍යතාන්ත්‍රික තිළිණය ද මෙය වන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අනතුරුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.






