තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ
මහනුවර සහස් උයනේ පරිශ්‍රෙය්දි මෙම නව ගිනස් වාර්තාව පිහිට වූ අතර මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා විසින් එය අධීක්ෂණය කිරීම සිදු කරන ලදි.
ජනක කාංචන මීට පෙර ගිනස් වාර්තා 07 ක් පිහිටුවා තිබෙන අතර ගිනස් වාර්තා 18 ක් පිහිටුවීම ඔහු ගේ ඉලක්කය වී තිබෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරනු ලබයි.
කඩා දමන ලද එක් කොන්ක්‍රීට් කැටයක් දිගින් සෙන්ටි මීටර් 40 ක්ද පළලින් මිලි මීටර් 20 ක් ද උසින් සෙන්ටිමීටර් 05 ක්ද වන අතර ඒවා මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒවා සකස් කිරීම සිදු කර ඇත.
ජනක කාංචන විසින් මීට පෙර තැබූ ගිනස් වාර්තා වන්නේ ටොන් එක මහාරක්බර වාහන 32 ක් අතඟිලි මතින් ධාවනය කිරීම, මිලි මීටර් 12 වානේ කම්බි 18 ක් විනාඩියක දී දත් ආධාරයෙන් නැමීම, ඇන ලෑල්ලක් මත නිදා සිටිය දී කොන්ක්‍රීට් කැට 35 ක් තත්ත්පර 54 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම, කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ තිරිඟු පිටි බෑග් 20 ක් මීටර් 30 ක දුරක් දත්වල අධාරයෙන් රැගෙන යාම, මීල මීටර් 12 වානේ කම්බි 22 ක් තත්ත්පර 48 ක දී හිසේ අධාරයෙන් නැමීම, කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිට විනාඩි 36 ක දී උදරය මතට හෙළීම, කිලෝ ග්‍රෑම් 107 බැගින් වූ කොන්ක්‍රීට් කැට 30 ක් උදරය මත තබා විනාඩි 05 යි තත්ත්පර 45 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීමආදි යයි.
හඟුරන්කෙත යෝධය ලෙස ප්‍රකට මීට කලකට පෙර මියගිය ගාමිණි වසන්ත ජනක කාංචන ගේ පියා වන අතර ඔහු ද ගිනස් වාර්තා හතරකට හිමිකම් කියන්නෙකි.
ඉදිරියේ දී ගුවන් යානයක්, නැවක් හා දුම්රියක් කටින් ඇදීම ඇතුළු තවත් ගිනස් වාර්තා 10 ක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජනක කාංචන මුදන්නායක සඳහන් කළේය.
මෙම වාර්තාව සඳහා ගිනස් වාර්තාවක් ලෙසින් නිල පිළිගැනීම ලැබෙන්නේ ගිනස් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු, එය ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමෙනි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම,ගිනස් කමිටුවේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ඉන්දික ජයලත්,මධ්‍යම පළාත් ධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දුම්බර ප්‍රදීප්

