ශ්රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවිය.
ශ්රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්විණ. තෙදින නිල සංචාරයක් සඳහා ඔවුහු මෙසේ ඊයේ (17දා) දිවයිනට පැමිණියහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයෙක් වන චෙන් මයිනර් ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ ශ්රී ලංකාවට පැමිණ තිබේ.
ඡායාරූප ඉසුරු පෙරේරා





