ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.
එම කාලය තුළදී නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වීම් 3010ක්, රුධිර කාන්දුකරණ 20784ක්, රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම් 18045ක්, රසායනාගාර පරීක්ෂණ 65516ක් සිදුකර තිබේ. රෝහලට ජනතා අයිතියට පත්කිරීමට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රෝහලේ උත්සවයක් සංවිධානය කර තිබුණ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
එසේම මෙහිදී චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ත්වය දැක්වෙන ඡායාරූප ප්රදර්ශනයක්ද පැවැත්වීය. මෙම උත්සව සභාව ඇමතූ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ වෘක්කවේද රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 80000ක් වටිනා ඖෂධ ඉදිරියේදී පරිත්‍යාග කරන බවයි. චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම පරිත්‍යාග කරන බවද තානාපතිවරයා පැවැසීය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd