චීනයේ සිට පෝලන්තයට වෛද්‍ය සැපයුම් ටොන් 400ක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පොලන්තය විසින් කුලියට ගෙන තිබේ.
ඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.
මෙම ගුවන් යානයට පළමුව ටොන් 250ක වෛද්‍ය සැපයුම් පටවාගෙන අද දිනයේදී පොල්න්තයට ළඟාවිමට නියමිතව තිබුණි.
මුඛ ආවරණ මිලියන හතක් ඇතුළු පුද්ගලික ආරක්ෂක උපකරණ මෙන්ම මුහුණු ආවරණ සහ තවත් වෛද්‍ය සැපයුම් මෙම භාණ්ඩ තොගයට අයත් වෙයි.
මෙම ගුවන් යානය කුලියට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලන්තය ප්‍රකාශ කළේ බොයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා 10කින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොගයක් මෙම ගුවන් යානය මගින් එක්වර ප්‍රවාහනය කළ හැකි බවයි.







