ශ්රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අලුයම කොළඹ වරායෙන් ශ්රී ලංකාවට ගෙන්වා තිබේ.
S14 බලවේග කට්ටල දුම්රිය ලෙස හඳුන්වන මෙම ආකාරයේ බලවේග කට්ටලයක් මේ වන විට කොළම - බදුල්ල අතර ධාවනයට එක්කර තිබේ. එය දෙනුවර මැණිකේ ලෙසින් හඳුන්වයි.
නව බලවේග කට්ටලයද ඉක්මනින් ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ. මෙම දුම්රිය නවීන පහසුකම්වලින් සමන්විත වන අතර එයට පළමු පංතිය, දෙවැනි පංතිය හා සකසුරුවම් පංතියේ මැදිරි එක්කර තිබේ.


