Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
රාජගිරියේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙලෙස පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර, එම නිලධාරීන් අයුතු ලෙස නිවසට ඇතුළු වී නිවස පරීක්ෂා කළ බවත්, කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියෙක් ඔවුන් හා නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ප්‍රදීප් අල්විස් නමැති රියදුරුවරයා සොයගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ බිරිඳ සහ දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සිරගත කරන බවට එහි පැමිණි පොලිස් නිලධාරීන් තර්ජය කළ බවත්, පසුව සකස් කළ ලියවිල්ලකට අත්සන් කරන ලෙස අදාළ පොලිස් නිලධාරීන් පැවුසූ බවත් ප්‍රදීප් අල්විස් මහතාගේ බිරිඳ පැමිණිල්ල සමග ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
මෙලෙස පැමිණ ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ දොඩම්ගොඩ පොලීසියේ නිලධාරීන් යැයිද එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.
මෙම සිදුවීමෙන් ඔවුනගේ මානව හිමිකම් කඩවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස “අභිමානී” කාන්තා සංවිධානය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය ඇතුළු පිරිසක් අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ මෙම පැමිණිල්ල භාරදුන්හ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
Kumar Friday, 03 January 2020 08:46 AM
දැනටමත් පැමිණිලිකාරිය මරණ තාර්ජන ලැබෙන්න ඇති. කිසිම වරෙන්තුවක් නැතුව මෙවැනි වැඩ කරන පොලිස්කාරයෝ වලවල දමන්න ඔනෙ. ඇත්තටම එක මේ කපෙ සිදුවෙනදෙයක් නොවෙ.
Reply : 18 155
දර්ශන අසංග Friday, 03 January 2020 10:06 AM
ඔය කාන්තා සංවිධානයේ සමහරැ ඉන්නවා ගණිකා වෘත්තීයේ යෙදෙන
Reply : 25 73
somapala Saturday, 04 January 2020 09:32 AM
තමුන්නාන්සේගේ පෙම්වතියත් එක ගණිකාවක් වෙන්න ඇති නොවේද?
Reply : 39 61
DILUM Friday, 03 January 2020 12:03 PM
එතකොට සන්දීප් කොලුවාගේ, සහ දෙමව්පියන්ගේ මානව හිමිකම් කඩ උනේ නැතැයි
Reply : 77 1
සරත් Friday, 03 January 2020 08:10 PM
පාටලී මහත්තයා හිරේ යන්න බයෙන් විකාර කරනවා වගේ. දැන් ප්‍රමාද වැඩිය්. කල කලදේ පල පල දේ කිව්වාලු.
Reply : 59 1
Bandula. Saturday, 04 January 2020 06:09 PM
මේ මිනිස්සු දුප්පත් හින්ද ගෙට රිනගල භාර්යාවන්ට තර්ජන ගර්ජන දානවා, එත් එදා සුදු වැන් කතාවේදී රාජිතමත්මයාගේ ගෙදර යට මෙහෙම කලේ නැහැ නේද? දැන් මේ දෙකෙන් හරි නිතිය මොකද්ද? දුප්පතුන්ට එකක්, පෝසතුන්ට තව එකක් ද?
Reply : 0 25
Kumar Monday, 06 January 2020 07:56 AM
ඔය දුප්පත් පොහොසත් බේදය අසනිපවලටත් තිබෙනවා. වයසටපත් කෙනෙක් බරපතල අසනීපයකට රජයේ රොහලකට ගියොත් තරුණ කෙනෙකුට ලැබෙන සත්කාර ලැබෙන්නේ නැතිලු. රෝගියාගේ නෑදෑයන්ට කියනවලු හිත හදාගන්න කියලා. පසුගිය මාසයේ ලංකාවේදී මුණගැසුන දොස්තර මහත්මයෙක් කියූ කතාවක්. ලංකාවේ දුප්පත් නම් බරපතල අසනීපයක් හැදුනොත් මැරෙන්නයි වෙන්නෙ.
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd